අනගාරික ධර්මපාලතුමා 1864 සැප්තැම්බර් 17 වන දින දොන් කරෝලිස් හේවාවිතාරණ හා මල්ලිකා හේවාවිතාරණ යන දෙපළගේ පුත් රුවනක් ලෙස දොන් ඩේවිට් හේවාවිතාරණ නමින් කොළඹදී උපත ලැබීය.
කොළඹ පිහිටි ක්‍රිස්තියානි විද්‍යාල කිහිපයකින් මූලික අධ්‍යාපනය හැදෑරූ එතුමා විද්‍යෝදය පිරිවෙනාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන්ගෙන් සිංහල , පාලි හා බුදු දහම ඉගෙන ගැනීමෙන් තම ජීවිතයටත්, ජාතිකවාදී ගමනටත් ආලෝකයත්, ධෛර්යත් ලබා ගත්තේය.
තම අධ්‍යාපන කටයුතු නිම වීමෙන් පසු එතුමා රජයේ ලිපිකරුවෙකු ලෙස පත්වීම් ලැබීය. එහෙත්, ඉංග්‍රීසි අධ්‍යාපනය ලද අයට පමණක් හිමි වූ රජයේ ලිපිකරු තනතුර “මම අධිරාජ්‍යවාදී ගැත්තෙක් නොවෙමි” කියමින් ප්‍රතික්ෂේප කළ ධර්මපාලයන්, මුළුමනින්ම ආගමික, සාමාජීය මෙහෙවරේ නිරත වීමට, එකල සිටි තවත් මහා හෙළයෙක් වූ රටට අනගි මෙහෙවරක් කළ ඕල්කට්තුමා සමඟ එක් වූයේය.
එතැන් පටන් අධිරාජ්‍යවාදී ගැති මාකසිකත්වයෙන් මිදී නිදහස් ජාතියක් ලෙස හිස එසවීම සඳහා සියල්ලන්ට අධ්‍යාපනය ලබාදීමටත් සිංහල භාෂාව හා හෙළ සිරිත් විරිත් රැක ගැනීමටත් ජනතාව පුබුදු කරලීම සඳහා එතුමා අප්‍රමාණ වෙහෙසක් දැරීය. එතුමාගේ සිංහල ජාතික ආගමිකත්වය පිළිබඳ හැඟීම කොතරම්ද යත් දොන් ඩේවිට් හේවා විතාරණ යන ඉංග්‍රීසි නාමය අත්හැර ධර්මපාල යන බෞද්ධ නාමය තමන් වෙත
ආරෝපණය කර ගත්තේය.
සැබෑ නායකයෙක් වූ අනගාරිකධර්මපාල තුමාට පටු දේශපාලනික අරමුණු වෙනත් ආත්මාර්ථකාමී අරමුණු තිබුණේ නැත. එතුමා තුලතිබුණේ ඒ රටත්, ජතියත්, ආගමත්, පරදේශක්කාරයන්ගෙන් බේරා ගැනීමේ අරමුණ පමණි. ඒ උදෙසා එතුමා මුළු ජීවිතයම කැප කළේය. බලයට පැමිණීම, ප්‍රසිද්ධිය උදෙසා එතුමා නායකත්වය නොගත්තේය.
ධර්මපාලතුමාගේ කැපවීම හා අවංකත්වය දුටු පිරිස් එතුමා වටා එක්වූයේද ඒ අවංකත්වයෙන්මය. ඒ අනුව ධර්මපාලතුමා මුල්කරගනිමින් මහා බල වේගයක් රටතුළ නිර්මාණය විය.
ධර්මපාලතුමාගේ මූලිකත්වයෙන් මෙවැනි බලවේගයන් ගොඩනැගුණේ සන්නිවේදන මාධ්‍ය පවා හරිහැටි නොදියුණු යුගයකදීය.මෙමගින් පෙන්නුම් කරන්නේ එතුමාගේ අවංක දේශප්‍රේමීත්වයේ හඬ යි.අන්‍ය ජාතියකින්, අන්‍ය ආගමකින් මේ පුංචි දිවයින බේරා ගැනීමට හැකිවූයේ මෙවැනි සැබෑ දේශමාමකයින්ගේ ප්‍රතිඵලයක් ලෙසය.
වර්තමානයේ මෙරට දේශපාලකයන් ට ධර්මපාලතුමාගෙන් ආදර්ශයට ගත හැකි දෑ බොහෝය.
රටේ ආර්ථික අභිවෘද්ධිය පිළබඳවද අවධානය යොමු කළ ධර්මපාල තුමා අනාගත ලෝකයටත් සරිලන සේ දූරර්ශීව දේශීය ආර්ථිකය නැංවීමට ක්‍රමවේද සකස් කළේය. විදේශීය බලවේග සතර අත දිවෙද්දී එතුමා පිටරටින් බඩු ගෙන්වීමට විරුද්ධ වෙමින් නිරන්තරයෙන් දේශීය කර්මාන්ත ගොඩනැංවීම කෙරෙහි ජනතාව යොමු කරන්නට වෙහෙසුණි.
පරගැති සංස්කෘතිය, චින්තනය ගැමි හදින් තුරන් කර හෙළ ජාතිකත්වය ඔවුන්ගේ මනසට ඇතුල් කිරීමට එතුමා පුදුමාකාර ලෙස කතා කළේය. කරුණු පැහැදිලි කළේය.
ධර්මපාලතුමා නොනවත්වා ගෙන ගිය මේ අව්‍යාජ දේශානුරාගී ක්‍රියාකලාපය නිසා ගරා වැටී තිබූ සිංහලකම යළිත් අවධිවන්නට පටන් ගත්හ. බුද්ධ ශාසනය ප්‍රාණවත් වන්නට විය. නිදහස් රටක පුරවැසියන්වීමේ දැවෙන ආශාව ලාංකිකයන්ගේ සිත් තුළ නළියන්නට පටන් ගත්හ. ඒ අනුව අනගාරික ධර්මපාල තුමා නිදහස් සටනේ විශිෂ්ඨ පුරෝගාමියෙකු වන්නේය.
අධිරාජ්‍යවාදීන් සිංහළයා මත පතිත කළ මනුෂ්‍යත්වය පරිහානියට පත් කරන්නා වූ ගවමස් කෑම සහ සුරා පානය ද එතුමාගේ දැඩි විවේචනයට, පිළිකුලට ලක් විය.
සිංහල ජාතියට ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝක වාසී බෞද්ධයා වෙනුවෙන් බෞද්ධාගම ලෝකය වටා බබලවන්නට එතුමා කටයුතු කළේය.
සියවස් ගණනාවක් ඉන්දියාව තුළ අරාජිකව තිබූ බුදුදහම නැවත ස්ථාපිත කරන්නට අති දැවැන්ත පුරොගාමී මෙහෙවරක් ඉටු කිරීමට එතුමාට හැකි විය. ඒ අනුව හින්දු භක්තිකයන්ගේ ග්‍රහණයේ පැවති බුද්ධ ගයාව බේරා ගැනීමට හෙතෙම කටයුතු කළේය.
ඒ සඳහා 1891 මහබෝධි සමාගම පිහිටුවීය. “බෞද්ධයා “ සඟරාව ආරම්භ කළේය. බෞද්ධයා සතු ‘බුද්ධ ගයාව’ බේරා ගතයුතු පණිවිඩය නොනවත්වා ලොව පුරා රැගෙන ගියේය. මේ මහත් ආගමික අරගලයෙන් පසුව බෞද්ධයින් වෙනුවෙන් නිදහස් වූ බුද්ධ ගයාවේ 1896 දී ප්‍රථම වතාවට වෙසක් උත්සවයක් පැවැත්වුණි.
අද වන විට ලොව පුරා බෞද්ධ විහාරස්ථාන ස්ථාපිතව මෙන්ම බටහිර ජාතීන් පවා බුදු දහම කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ එදා ධර්මපාලතුමා දියත් කළ ශාසනික ධර්මදූත මෙහෙය නිසාය. එතුමාගේ ධර්මදුත සේවය දෙවනි වන්නේ ඉන්දියාවේ අද්විතීය රජවරයෙකු වූ ධර්මාශෝක රජතුමාගේ ධර්මදූත සේවයට පමණි.
දිනු මව්බිමට නිවහල් ලෙස වැජඹෙන්න
තම ජාතියට අභිමන් ලෙස නැගිටින්න
ඉපදුනු රටට නොමියෙන ලෙස මිය යන්න
ඔබ කළ මෙහෙය ඇති හැම සිත් පුබුදන්න
ජීවනී රිදීවිට විසිනි.
1891 දී ඉන්දියාවේ මහාබෝධි පන්සලට වන්දනා ගමනක යෙදි සිටින අතරතුර අනගාරික ධර්මපාල තුමා රහත් ඵලයට පත්විය.
ReplyDeleteඉහත ඔබ විසින් පළකරන පුකාශයට සාධක ඇත්ද?