Subscribe:

Nov 6, 2011

-අනගාරික ධර්මපාල-

අනගාරික ධර්මපාලතුමා (1864 සැප්තැම්බර් 17 සිට 1933 අප්‍රේල් 29) විසිවන ශතවර්ෂයේ බුද්ධාගම නගා සිටුවීමට කටයුතු කල ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. ඉන්දියාවෙ බුදුදහම ශතවර්ෂ ගණනාවකදී බිද වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. මෑත කාලය තුල ධර්මය ආසියාව, උතුරු ඇමරිකාව හා යුරෝපය නම් මහද්වීප තුනේ දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහු වේ. ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණ ය. එහෙත් වීරෝදාර ශ්‍රේෂ්ඨයන්ගේ ප‍්‍රමාණය අල්පය. සැබවින්ම ඔවුන්ගේ සුලභකමක් වේ නම් විශේෂත්වයක් ද නැත. වර්තමාන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික, අධ්‍යාපනික ආදී විවිධ ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රබෝධයේ පුරෝගාමී වූයේ ශ්‍රී මත් අනගාරික ධර්මපාලතුමා ය. එතුමා සිය වස්තුවද, ජීවිතය ද ඒ සියල්ල වෙනුවෙන් කැප කරන්නට අධිෂ්ඨාන කර ගත්හ.

ධර්මපාලතුමා උපන්නේ අදට වඩා බෙහෙවින්ම වෙනස් වූ යුගයක ය. විදේශීය ආධිපත්‍යයෙන් රට ජාතිය, ආගම, සංස්කෘතිය, සභ්‍යත්වය දෙදරුම් කතු යුගයක පන්සල, පිරිවෙන, භික්‍ෂූන් වහන්සේ ජනතාවගෙන් ඈත් කරන්නට කටයුතු කළ අවධියක, විමුක්ති සටන් කුරිරු ලෙස වර්ධනය කරමින් දේශපෙ‍්‍රමීන්ගේ ඉඩම් පවරා ගනිමින් ජනතාව අසරණ වී කරන ලද වකවානුවකදී ය. කොටින්ම කියතොත් සිංහලකම, බෞද්ධකම සහ මුලින්ම විනාශ කරමින් අධිරාජ්‍යවාදයෙන් මහා පීඩනයට පත් කාලයක ය. එබඳු අවස්ථාවක දේශපෙ‍්‍ර්මී ජාති හිතෛෂියකු හිස ඔසවා නැඟී සිටිමින් කටයුකු කරනවා යනු ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සැබවින්ම අප කථානායක අනගාරික ධර්මපාලතුමාට ගෙන යෑමට සිදු වූයේ බරපතල සටනකි.

කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ සමාජ සේවක මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළට 1864 සැප්තැම්බර් 17 දින උපන් මේ පින්වත් කුමරා ඩේවිඩ් යන නාමයෙන් හැදුණේ වැඩුණේ, පසු කළ එම අපර නාමයෙන් බැහැරව ධර්මපාල නාමයෙන් හැඳින්වෙමින් “ශ්‍රී මත් අනගාරික ධර්මපාල” නමින් ලෝකප‍්‍රකට ශ්‍රේෂ්ට නායකයා වූයේ ය.

සෙනසුරාදා දිනයන්හි කොටහේනේ දීපදුත්තාරාමයට ගොස් වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ ව්‍යක්ත දේශනවලට සවන් දෙමින් කිතු දහමත් බුදු දහමත් අතර වෙනස මැනවින් තේරුම් ගත්තේ ය.

පිටකොටුවේ පුස්තකාලයෙන් සිය දැනුම පුළුල් කර ගත් ඔහු අනුන්ට නොකළ හැකි දේ කරන්නට අනුන් නොයන මඟ යන්නට තැත් කළ එඩිතර තරුණයකු විය. ඉංගී‍්‍රසි භාෂාව ප‍්‍රගුණ කළ ඩේවිඩ්, රජයේ ලිපිකරුවකු බවට පත් ව කටයුතු කළේ ටික කලකින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය තකා කටයුතු කිරීමේ අවශ්‍යතාව සිය මවුපියනට ලියා යවමින් රැකියාව ද අත් හරිමින් ධර්මපාල යන නාමය ගනිමින් ලෝකසත්වයාගේ යහපත සඳහා සිය ජීවිතය කැප කළේ ය.

වර්ෂ 1880 මැයි 17 වන දින එතුමන්ට ජීවිතයේ වැදගත් දිනයක් වූයේ එතුමාගේ ගමන්මග හා දැඩිව බැඳුණු සෙන්පති ඕල්කට් තුමා හා බිලැට්මිස්කි මැතිනිය ගාලු වරායෙන් ලංකාවට සම්ප‍්‍රාප්ත වීමය.

ඕල්කට්තුමා බෞද්ධාගමික ප‍්‍රබෝධය පිණිස රටපුරා කළ සංචාරයේ දී ඔහුගේ ඉංගී‍්‍රසි කථා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යට ඉදිරිපත් වූයේ ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා ය.
මෑත කාලය තුල පලමු අනගාරික (මුළු කාලයම බුදුදහම වෙනුවෙන් කැපකල) වන්නේ ඔහුය. ඔහුට අවුරුදු 8 වන විට බ්‍රහ්මචාරීව සිටිමට දිවුරූ ඔහු ජීවිත කාලය පුරා එලෙස සිටියේය. ඔහු තම හිස මුඩු නොකල අතර කහ පැහැති සාම්ප්‍රදායික භික්ෂුන් නොඅදින සිවුරක් අදින ලදී. විනය නීති සියල්ල පිළිපැදිම ලොව වටා ධර්මචාරිකා කිරිමට උපකාරීවන බව ඔහු විශ්වාස කලේය.

තරුණ ධර්මපාලතුමා ඕල්කට් මැතිතුමා (1875 නිව්යෝක් නගරයේ පරමවිඥනාර්ථ සමිතියේ සභාපති) ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කලේය. 1891 දී ඉන්දියාවේ මහාබෝධි පන්සලට වන්දනා ගමනක යෙදි සිටින අතරතුර අනගාරික ධර්මපාල තුමා රහත් ඵලයට පත්විය. එම පන්සල හින්දු පූජකවරුන්ගේ යටතට පත්ව තිබිමත් බුදුරජාණන් වහන්සේගේ පිළිරුව හින්දු ප්‍රතිමාවකට පරිණාමනය කර තිබිමත් යන කරුණු වලින් ඔහු කම්පාවට පත්වූ අතර එයට එරෙහිව උද‍්ඝෝෂණයක් ඇති කලේය.

1891 දී කොළඹදී මහාබෝධි සංගමය පිහිටවු ඔහු එහි ප්‍රාථමික අපේක්ෂාව ලෙස බුද්ධගයාවේ මහාබෝධි පන්සල බෞද්ධ ආගමිකයින් යටතට ගැනීම නම්කලේය. හින්දු ජූජකයන් සමග නීතිමාර්ගයෙන් දැඩි සටනක් දියත් කිරීමෙන් අනතුරුව 1949 දී මහාබෝධි සමිතිය යටතට මහාබෝධි පන්සල ගන්නා ලදි.

ධර්මපාල මැතිතුමාගේ උත්සාහය නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ භූමි භාගය (කුසිනාරා නුවර) නැවතත් බෞද්ධයන්ගේ ආකර්ෂනයට ලක්විය.

1893 දී ධර්මපාල තුමාට චිකාගෝ නුවර පැවති ලෝක ආගම් පිළිබද පාර්ලිමේන්තුවට නියෝජනය කිරීමට ආරාධනා ලැබිණ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු ප්‍රසිද්ධ බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ඔහු විසින් ඉදිකල වැදගත්ම පන්සලක් වන්නේ බුදුරජාණන් වහන්සේ පලමු දම් දෙසූ ස්ථානයේ ඉදිකල සාරානාත් පන්සලයි. 1933 දී සාරානාත් හි පැවිදි වූ ඔහු දෙසැම්බර් මාසයේදී අපවත් විය.
බුද්ධගයා ශුද්ධ භූමිය හින්දුන් විසින් අත්පත් කොට බුදු රූ ඇතුළු බෞද්ධ වස්තූන්ට කළ හානිය, නිග‍්‍රහය ධර්මපාලතුමා තුළ සංවේගය උපදවන්නක් විය.

1891 මාර්තු 18 දින කල්කටාවට පැමිණි බුරුම බෞද්ධයන් බුද්ධගයාව බේරා ගැනීමට පොළඹවා ගනු පිණිස එතුමා බුරුමය බලා පිටත් විය. 1891 මැයි 31 විද්‍යෝදය පිරිවෙණේ බුද්ධ ගයාමහා බෝධි සමාගම ඇරඹුයේ බුද්ධගයාව බේරා ගැනීමේ ජාත්‍යන්තර උත්ඝෝෂණයක් ඇරැඹීමට ය. 1891 ජූලි 17 බුද්ධගයා ධර්මදූත සේවයේ නායකයා ලෙස ඉන්දියාවට ගොස් එහි බුද්ධගයා ජාත්‍යන්තර බෞද්ධ සාකච්ඡාවක් කැඳවීය. කල්කටා මහා බෝධි සමාගම ඇරැඹූ එතුමා 1891 මැයි මස මහාබෝධි සඟරාව, ඇරැඹීය. ලොව තවත් රටවල මහා බෝධි සමාගම් ද පිහිටුවීය. 1893 සැප්තැම්බර් මස චිකාගෝ නුවර ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිව කළ දේශනය අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීය. නොයෙක් රටවල සංචාරය කළ එතුමා ජපානයේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ පස්වසරක්ම එහි ධර්ම ප‍්‍රචාරයේ නියැලුණේ ය. ලක්දිව පුරා සංචාරය කරමින් සිංහල බෞද්ධයන් පුබුදු කළ එතුමා නිදා සිටි සිංහලයාගේ, බෞද්ධයාගේ ආත්ම ශක්ති අවදි කිරීම අතිශය වැදගත් කරුණක් විය. 1915 සිංහල මුස්ලිම් අරගලය නිසා වූ නොසන්සුන් වාතාවරණය ධර්මපාලතුමාගේ ධර්ම ප‍්‍රචාරක කටයුතු වලට බාධාවක් විය.

1906 ඇරැඹුණු “සිංහල බෞද්ධයා” පත‍්‍රය ද මෙකල නතර විය. 1915 ජූනි මාසයේ දී එතුමා කල්කටාවේ දී සිරභාරයට ගන්නා ලදී. 1922 දී යළි සිංහල බෞද්ධයා ඇරැඹුණු අතර, ලංකාවේ බෞද්ධයන් නගා සිටුවමින් ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික ප‍්‍රබෝධයට ඇප කැපවෙමින් පුරෝගාමී වූයේ ය. 1931 දී අවසන් වරට ලංකාවෙන් පිටවී ගිය එතුමා 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේ දී බෝරුක්හමුවේ සිරිරේවත හිමියන් වෙතින් සිරිදේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි බිමට පත්ව 1932 දී උපසම්පදාව ද ලැබීය. 1933 වන විට ශරීර ශක්තිය දුර්වල නමුත් බුද්ධගයාව බේරා ගැනීමේ කටයුතු පිළිබඳව කි‍්‍රයා කළේ ය. 1933 අපෙ‍්‍ර්ල් 29 දා මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා මෙලොවින් තුරන්වූයේ තථාගත ධර්මය ලොව ප‍්‍රචලිත ඛ්ලම සඳහා මතු යළි උපදින්නෙමිය යන උත්තරීතර අදහස ද ඇතිව ය.

කල්කටාවේ අග‍්‍රවිනිශ්චකාර ශ්‍රීමත් මහ්මථනාථ මුඛර්ජි මහතා ධර්මපාල තුමාගේ ධර්ම ප‍්‍රචාර සේවාව ධර්මාශෝක රජුගේ ධර්ම ප‍්‍රචාර සේවයට පමණක් දෙවැනි යැයි සඳහන් කරයි.

සමාජය සකස් කරන්නට ධර්මපාල තුමා මුළු රටපුරාම ගියේ ය. “රහමෙර පානය කරන්න එපා ගෙරි මස් කන්න එපා” කියමින් රට පුරා යමින් ජන හදවත් අවදි කළ එතුමා “ගොන්තඩියා, වල් බූරුවා” වැනි ආමන්ත‍්‍රණ යෙදුවේ හුදෙක් මිනිසුන් ගැන කරුණාව නිසාම ය. යුරෝපීයයන්ට බියෙන් මුළුගැන්වුණු සිංහල ගැමියා තුළ තිබූ එම බිය තුරන් කිරීමට ධර්මපාල තුමා උපක‍්‍රමශීලීව කටයුතු කළේ ය. මත්පැන් පානයෙන් රට විනාශ වී යෑම ගැන රටවැසියන්ට දැඩි ලෙස අවවාද දුන් එතුමා සුරා යකාගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි හඬ නැංවීය.

අන්ධ ලෙස බටහිර අනුකරණය කිරීම ගැන සිංහලයන්ට දොස් පැවරූ එතුමා ජාතික සිරිත් විරිත් වල අගය පෙන්වාදුන්නේ ය. ඇඳුම්, පැළඳුම්, චාරිත‍්‍ර, වාරිත‍්‍ර, කෑම බීම මේ ආදී සෑම කරුණක් ගැනම පෙන්වා දුන්නේ ය. ජාතියක් ලෙස නැඟී සිටීමට අවශ්‍ය දේශීය කර්මාන්ත ව්‍යාපාර ගැන පැවසූ එතුමා විවිධ කර්මාන්ත පුහුණුව සඳහා සිංහලයන් ජපානයට පිටත් කරලීය. පේෂ කර්මාන්තය ආදී කර්මාන්ත ඇරැඹීමට එතුමා මුල් විය. ජාතික අර්ථකථනයක් ගොඩ නඟා නැගීමට එතුමා මහත් සේ දායක විය.

එතුමාගේ සටන අංශ රැසක් කරා පැතිර ගියේ ය. ආගමික අංශය එහිදී ඉහළින්ම කැපී පෙනිණි. අධ්‍යාපනය ලැබීමේ උවමනාව ජාතිකත්වය අධිරාජ්‍ය විරෝධී ආකල්ප ඒ අතර ප‍්‍රමුඛ විය. අදට වඩා බෙහෙවින් වෙනස් වූ යුගයක එතුමා තම අදහස් කි‍්‍රයාත්මක කරන්නට පුදුමාකාර ප‍්‍රයත්නයක් දැරී ය. දූරදර්ශී විචක්ෂණ නුවණින් කි‍්‍රයා කළ මේ උදාරතර ශ්‍රේෂ්ට සිංහලයා, නොවන්නට අද දඹදිව බෞද්ධ උරුමය ලොවටම අහිමි වනු නියත ය. ධර්මාපාපතුමාගේ මහත් වූ සේවය අගැයීමට එය පමණක් වුවද සෑහේ. සිංහල ජනතාවට, ශ්‍රී ලාංකික ජනතාවට පමණක් නොව ලෝක ජනතාවට අත්‍යුදාර මෙහෙයක් ඉටු කළ මෙම ශ්‍රී ලාංකික යුග පුරුෂයා ලෝක බෞද්ධ ජනතාවටම සේවය කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස සැලකිය හැකි ය.


http://sinpedianet.blogspot.com/2010/11/blog-post_48.html

පරගැති බලවේගයන්ට යටපත් කළ නොහැකි වූ ‘හෙළ ලකුණ’

ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියූවද ශ්‍රී ලංකාව වරින් වර විදේශ බලපෑම් වලට ලක් විය. එවන් වූ කූට අධිරාජ්‍යවාදීන්ගේ ආධිපත්‍යයට මෙරට යටත්ව තිබූ යුගයක දේශයේ වාසනාවට මෙන්  ශ්‍රීමත් අනගාරික ධර්මපාල නම් වූ ඒ මහ යුග පුරුෂයා ක්‍රියාත්මක විය. එවකට, ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් වපුරා තිබූ පරගැති චින්තනය බිඳහෙළමින් සිහල ජාතිය, බෞද්ධාගම, අධ්‍යාපනය, ආර්ථිකය, දේශයේ සංස්කෘතිය, ජාතික අභිමානය යළිත් පුනර්ජීවනය කිරීමට එතුමා තරම් ආත්මීය හැගීමෙන් වෙහෙස වූ තවත් අයෙකු මෑත ඉතිහාසයේ නැති තරම්ය.

අනගාරික ධර්මපාලතුමා 1864 සැප්තැම්බර් 17 වන දින දොන් කරෝලිස් හේවාවිතාරණ හා මල්ලිකා හේවාවිතාරණ යන දෙපළගේ පුත් රුවනක් ලෙස දොන් ඩේවිට් හේවාවිතාරණ නමින් කොළඹදී උපත ලැබීය.

කොළඹ පිහිටි ක්‍රිස්තියානි විද්‍යාල කිහිපයකින් මූලික අධ්‍යාපනය හැදෑරූ එතුමා විද්‍යෝදය පිරිවෙනාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන්ගෙන් සිංහල , පාලි හා බුදු දහම ඉගෙන ගැනීමෙන් තම ජීවිතයටත්, ජාතිකවාදී ගමනටත් ආලෝකයත්, ධෛර්යත් ලබා ගත්තේය. 

තම අධ්‍යාපන කටයුතු නිම වීමෙන් පසු එතුමා රජයේ ලිපිකරුවෙකු ලෙස පත්වීම් ලැබීය. එහෙත්, ඉංග්‍රීසි අධ්‍යාපනය ලද අයට පමණක් හිමි වූ රජයේ ලිපිකරු තනතුර “මම අධිරාජ්‍යවාදී ගැත්තෙක් නොවෙමි” කියමින් ප්‍රතික්ෂේප කළ ධර්මපාලයන්, මුළුමනින්ම ආගමික, සාමාජීය මෙහෙවරේ නිරත වීමට, එකල සිටි තවත් මහා හෙළයෙක් වූ රටට අනගි මෙහෙවරක් කළ  ඕල්කට්තුමා සමඟ එක් වූයේය. 

එතැන් පටන් අධිරාජ්‍යවාදී ගැති මාකසිකත්වයෙන් මිදී නිදහස් ජාතියක් ලෙස හිස එසවීම සඳහා සියල්ලන්ට අධ්‍යාපනය ලබාදීමටත් සිංහල භාෂාව හා හෙළ සිරිත් විරිත් රැක ගැනීමටත් ජනතාව පුබුදු කරලීම සඳහා එතුමා අප්‍රමාණ වෙහෙසක් දැරීය. එතුමාගේ සිංහල ජාතික ආගමිකත්වය පිළිබඳ හැඟීම කොතරම්ද යත් දොන් ඩේවිට් හේවා විතාරණ යන ඉංග්‍රීසි නාමය අත්හැර ධර්මපාල යන බෞද්ධ නාමය තමන් වෙත ‍
ආරෝපණය කර ගත්තේය. 

සැබෑ නායකයෙක් වූ අනගාරිකධර්මපාල තුමාට පටු දේශපාලනික අරමුණු වෙනත් ආත්මාර්ථකාමී අරමුණු තිබුණේ නැත. එතුමා තුලතිබුණේ ඒ රටත්, ජතියත්, ආගමත්, පරදේශක්කාරයන්ගෙන් බේරා ගැනීමේ අරමුණ පමණි. ඒ  උදෙසා එතුමා මුළු ජීවිතයම කැප කළේය. බලයට පැමිණීම, ප්‍රසිද්ධිය උදෙසා එතුමා නායකත්වය නොගත්තේය.


ධර්මපාලතුමාගේ කැපවීම හා අවංකත්වය දුටු පිරිස් එතුමා වටා එක්වූයේද ඒ අවංකත්වයෙන්මය. ඒ අනුව ධර්මපාලතුමා මුල්කරගනිමින් මහා බල වේගයක් රටතුළ නිර්මාණය විය.

ධර්මපාලතුමාගේ මූලිකත්වයෙන් මෙවැනි බලවේගයන් ගොඩනැගුණේ  සන්නිවේදන මාධ්‍ය පවා හරිහැටි නොදියුණු යුගයකදීය.මෙමගින් පෙන්නුම් කරන්නේ එතුමාගේ අවංක දේශප්‍රේමීත්වයේ හඬ යි.අන්‍ය ජාතියකින්, අන්‍ය ආගමකින් මේ පුංචි දිවයින බේරා ගැනීමට හැකිවූයේ මෙවැනි සැබෑ දේශමාමකයින්ගේ ප්‍රතිඵලයක් ලෙසය.

වර්තමානයේ මෙරට දේශපාලකයන් ට ධර්මපාලතුමාගෙන් ආදර්ශයට ගත හැකි දෑ බොහෝය.

රටේ ආර්ථික අභිවෘද්ධිය පිළබඳවද අවධානය යොමු කළ ධර්මපාල තුමා අනාගත ලෝකයටත් සරිලන සේ දූරර්ශීව දේශීය ආර්ථිකය නැංවීමට ක්‍රම‍වේද සකස් කළේය. විදේශීය බලවේග සතර අත දිවෙද්දී එතුමා පිටරටින් බඩු ගෙන්වීමට විරුද්ධ වෙමින් නිරන්තරයෙන් දේශීය කර්මාන්ත ගොඩනැංවීම කෙරෙහි ජනතාව යොමු කරන්නට වෙහෙසුණි. 

පරගැති සංස්කෘතිය, චින්තනය ගැමි හදින් තුරන් කර හෙළ ජාතිකත්වය ඔවුන්ගේ මනසට ඇතුල් කිරීමට එතුමා පුදුමාකාර ලෙස කතා කළේය. කරුණු පැහැදිලි කළේය. 

ධර්මපාලතුමා නොනවත්වා‍ ගෙන ගිය මේ අව්‍යාජ දේශානුරාගී ක්‍රියාකලාපය නිසා ගරා වැටී තිබූ සිංහලකම යළිත් අවධිවන්නට පටන් ගත්හ. බුද්ධ ශාසනය ප්‍රාණවත් වන්නට විය. නිදහස් රටක පුරවැසියන්වීමේ දැවෙන ආශාව ලාංකිකයන්ගේ සිත් තුළ නළියන්නට පටන් ගත්හ. ඒ අනුව අනගාරික ධර්මපාල තුමා නිදහස් සටනේ විශිෂ්ඨ  පුරෝගාමියෙකු  වන්නේය. 

අධිරාජ්‍යවාදීන් සිංහළයා මත පතිත කළ මනුෂ්‍යත්වය පරිහානියට පත් කරන්නා වූ ගවමස් කෑම සහ සුරා පානය ද එතුමාගේ දැඩි විවේචනයට, පිළිකුලට ලක් විය.  

සිංහල ජාතියට ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝක වාසී බෞද්ධයා වෙනුවෙන් බෞද්ධාගම ලෝකය වටා බබලවන්නට එතුමා කටයුතු කළේය. 

සියවස් ගණනාවක් ඉන්දියාව තුළ අරාජිකව තිබූ බුදුදහම නැවත ස්ථාපිත කරන්නට අති දැවැන්ත පුරොගාමී මෙහෙවරක් ඉටු කිරීමට එතුමාට හැකි විය. ඒ අනුව හින්දු භක්තිකයන්ගේ ග්‍රහණයේ පැවති බුද්ධ ගයාව බේරා ගැනීමට හෙතෙම කටයුතු කළේය.

ඒ සඳහා 1891 මහබෝධි සමාගම පිහිටුවීය.  “බෞද්ධයා “ සඟරාව ආරම්භ කළේය. බෞද්ධයා සතු ‘බුද්ධ ගයාව’ බේරා ගතයුතු පණිවිඩය නොනවත්වා ලොව පුරා රැගෙන ගියේය. මේ මහත් ආගමික අරගලයෙන් පසුව ‍ බෞද්ධයින් වෙනුවෙන් නිදහස් වූ බුද්ධ ගයාවේ 1896 දී ප්‍රථම වතාවට වෙසක් උත්සවයක් පැවැත්වුණි. 

අද වන විට ලොව පුරා බෞද්ධ විහාරස්ථාන ස්ථාපිතව මෙන්ම බටහිර ජාතීන් පවා බුදු දහම කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ එදා ධර්මපාලතුමා දියත් කළ ශාසනික ධර්මදූත මෙහෙය නිසාය. එතුමාගේ ධර්මදුත සේවය දෙවනි වන්නේ ඉන්දියාවේ අද්විතීය රජවරයෙකු වූ ධර්මාශෝක රජතුමා‍ගේ ධර්මදූත සේවයට පමණි. 

දිනු මව්බිමට නිවහල් ලෙස         වැජඹෙන්න
තම ජාතියට අභිමන් ලෙස          නැගිටින්න
ඉපදුනු රටට නොමියෙන ලෙස      මිය යන්න
ඔබ කළ මෙහෙය ඇති හැම සිත්        පුබුදන්න


ජීවනී රිදීවිට විසිනි.
 

පරගැති බලවේගයන්ට යටපත් නොවූ අභීත හඬ


වර්ෂ 1815දී ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත්වූ පසු අපට සිදුවූයේ ඉංග්‍රීසීන්ගේ පාලනයට නතුව ඔවුන්ගේ සිරිත් විරිත් වැළඳගැනීමටය. ඉංග්‍රීසි පාලන යුගයේදී වැඩි සැලකිල්ලක් හිමිවූයේ ඉංග්‍රීසී උගත් ක්‍රිස්තු භක්තිකයන්ට පමණක් වූ අතර සිංහල බෞද්ධයන්ට ඉංග්‍රීසී රජයේ කිසිදු සැලකිල්ලක් නොලැබුණි.

එම නිසා ධනවත් සිංහලයින් ඉංග්‍රීසී භාෂාව ඉගෙන, ක්‍රිස්තියානි ආගම වැළඳ ගෙන රජයේ තාන්න, මාන්න ලබා ගත්තේය. බටහිර ක්‍රමයට හැඩ ගැසුණු මේ අය සිංහල භාෂාව, සිංහල සිරිත් විරිත් හා බුදුදහම පිළිබඳ කිසිදු තැකීමක් නොකර කළු සුද්දන් බවට පත්විය.

1864 සැප්තැම්බර් 17 දිනදී මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළට දොන් ඩේවිඩ් හේවාවිතාරණ ළදරුවා මෙළොව උපන්නේ මෙවැනි වාතාවරණයක් රට තුළ පැවති යුගයකදීය.
  
අද මෙන් බෞද්ධ පාසල් හෝ රජයේ පාසල් නොතිබුණ මේ කාලයේදී ඩේවිඩ් හේවාවිතාරණ දරුවා දෙමටගොඩ බැප්ටිස්ට් පාසල, කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා කෝට්ටේ ක්‍රිස්තු විද්‍යාලය යන පාසල් වලින් ඉංග්‍රීසී අධ්‍යාපනය ලැබූ අතර කොළඹ විද්‍යෝදය පරිවෙනාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ගෙන් සිංහල, පාලි හා බුදු දහම ඉගෙනීමටද ඔහු පෙළඹුණි.

මේ කාලයේදී බෞද්ධයන් හා ක්‍රිස්තු භක්තිකයන් අතර පානදුරා වාදය නමින් ආගමික වාදයක් පැවැත්වුණු අතර මේ වාදයේ බෞද්ධ පක්ෂයේ නායකත්වය ගෙන කටයුතු කළේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ය. මෙහිදී සිදු වූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ පානදුරා වාදයේ වාර්තා කියවූ ඇමෙරිකානු ජාතික හෙන්රි ඕල්කට්තුමා බුදු දහම හැදෑරීමට ශ්‍රී ලංකාවට පැමිණීමයි.

එකල බෞද්ධ දරුවන්ට පාසල් නොතිබුණු බව දුටු ඕල්කට්තුමා පරම විඥාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා ඒ මඟින් බෞද්ධ පාසල් ආරම්භ කිරීමට පටන් ගත් අතර එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් ආනන්ද, නාලන්ද, ධර්මරාජ, සංඝමිත්තා, මහින්ද වැනි උසස් බෞද්ධ විද්‍යාල ශ්‍රී ලංකාවේ බිහිවිය. 

මේ කාලයේදී තරුණ ඩේවිඩ් හේවාවිතාරණට රජයේ ලිපිකරු රැකියාවක් හිමිවූ අතර එකල ඉංග්‍රීසී ආණ්ඩුව යටතේ ලිපිකාර රැකියාවක් ලැබුණේද ඉංග්‍රීසී අධ්‍යාපනයක් ලද අයට පමණි. එහෙත් ඔහු “මම ඉංග්‍රීසී අධිරාජ්‍යයවාදීන්ගේ ගැත්තෙක් නොවෙමි” යි කියා එම රැකියාව අත්හැර දමා ඕල්කට්තුමාගේ ආගමික හා සමාජ කටයුතුවලට සහය විය. පසුව ඔහු තමාගේ සම්පූර්ණ කාලයම පරම විඥාර්ථ සමාගමේ පාසල් කටයුතු සඳහාත් එම සමාගම ආරම්භ කළ ‘සරසවි සඳරැස’ පත්‍රයේ කටයුතු සඳහාත් යෙදවීය. 

1894 දී ඉන්දියාවේ පැවිති පරම විඥාර්ථ සමාගමේ සංවත්සරික උත්සවයටද හේවාවිතාරණ සහභා‍ගි විය. ආපසු පැමිණි ඔහු ‘ඩේවිඩ්’ යන තම ඉංග්‍රීසී නම අතහැර ඒ වෙනුවට ‘ධර්මපල’ යන නම භාවිතයට ගත් පසුව අනගාරික ධර්මපාල ලෙසින් එතුමන් හැඳින්වුණි.

මේ කාලයේදී ඕල්කට්තුමා දිවයිනේ ධර්ම ප්‍රචාර කටයුතුවල යෙදී සිටියේය. ඕල්කට්තුමාගේ ඉංග්‍රීසී කථා සිංහලට පරිවර්ථනය කළේ අනගාරික ධර්මපාලතුමා ය. දක්ෂ කතිකයෙකු වූ එතුමාද ජාතික සිරිත් විරිත් හා ආර්ය සිංහල නම් භාවිතා කිරීමේ අගය පහදා  දෙමින් කතා පැවැත්වීය. එතුමාගේ කතාවලින් බොහෝ විට සිංහලයන්ගේ නිවට ගති හා උදාසීන කම් නිග්‍රහයට ලක් විය. සමහර විට එතුමා වැරදි හා නිවට කම් දුටු තැන බැණ වැදුණේය. කොතරම් උසස් තනතුරක කෙනෙකු වුවත් ඔහු පරගැතියකු නම් කුසීත කම්මැලියෙකු නම් එතුමා ඔහුට නිර්දය ලෙස පහර දුන්නේය.

“දිවා ආහාරය ගෙන විවේක ගන්නා දෙමළ රික්ෂෝකාරයා මෙකද කරන්නේ? තමන් ඇඳගෙන යන රික්ෂෝවටම හේත්තු වෙලා පුවත්පතක් හඬනඟා කියවනවා. උගේ ජාතියේ අනෙක් උදවිය ඌ වටකරගෙන ඒකට කන් දී අසා සිටිනවා. අපේ සිංහල ගොන් තක්කඩියා මොකද කරන්නේ ? එක්කෝ රා බොනවා නැත්නම් සූදූ කෙළිනවා ඒත් නැත්නම් දෙදන තුරුල් කරගෙන බූරු ඇඳක නිඳි.” වරෙක එතුමා ප්‍රකාශ කළේය.

සිංහලයන්ගේ කුසීත කම ගැනද එතුමා නිතර දෝෂාරෝපණය කළේය. “අපේ මිනිසුන්ගේ වැඩේ කෑමයි, බීමයි, නිදාගැනීමයිනේ? ඉතින් කොහොමද දියුණු වෙන්නේ?” 

1890 දී දඹදිව බුද්ධගයාවට වන්දනාවේ ගිය එතුමා හින්දු දේවාලයක් මෙන් හින්දු පූජකයින් යටතේ තිබූ බුද්ධගයා විහාරය දැක කම්පාවට පත් විය. ඉක්බිති එතුමා “සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරාගනිව්” යනුයෙන් අලුත් සටනක් ආරම්භ කළේය. 1891 දී මහබෝධී සමාගම අරඹන ලද්දේත් මේ සඳහාය. බුද්ධගයාව බෞද්ධයින්ට ලබාගැනීමේ සටනට ලෝවැසියන්ගේ අනුග්‍රහය ලබා ගැනීම සඳහා එතුමා ඉංග්‍රීසීයෙන් බුඩිස්ට් (බෞද්ධයා) නමැති සඟරාව ආරම්භ කළ අතර පසුකාලයේ ‘මහබෝධී’ නමින් ප්‍රචාරය වූයේත් මේ සඟරාවමයි.

හින්දු පූජකවරුන් බුද්ධගයාව බෞද්ධයන්ට දීමට එරෙහිව ධර්මපාල තුමාට නොයෙක් හිරිහැර කළත්, නීති මාර්ගයෙන් කටයුතු කළ ධර්මපාලතුමාට අවසානයේදී ජය අත්විය. උසාවිය විසින් බුද්ධගයාව බෞද්ධයන්ට අයත් බව ප්‍රකාශ කළ පසුව 1896 දී ප්‍රථම වරට එහි වෙසක් උත්සවයක් පැවැත්වීමට ධර්මපාලතුමන්ට හැකිවිය.
    
1906 දී බෞද්ධ මහජන මතය ප්‍රචලිත කිරීමට ධර්මපාලතුමා ‘සිංහල බෞද්ධයා’ පත්‍රය ආරම්භ කළ අතර එතැන් පටන් 1931 දක්වාම එතුමා ජාතික ආගමික කටයුතුවලට කැප වී වැඩ කෙළේය.

එකල සිදුකළ අමද්‍යප සටනේද ධර්මපාලතුමන් මූලිකත්වය ගෙන කටයුතු කළේය.  ගවමස් කෑමට ද එතුමා තදින් විරුද්ධ විය. එතුමාගේ ප්‍රචාරක රථයේ ‘හරක්මස් නොකනු’ යන පාඨය ප්‍රදර්ශනය කළ අතර හරක්මස් කන්නන් හා රා බොන්නන් එතුමා සැලකුවේ වසලයන් ලෙසිනි.
    
1915 දී සිංහල - මුස්ලිම් අරගලය ඇති වීමේ ප්‍රථිඵලයක් වශයෙන් ඉංග්‍රීසී ආණ්ඩුව විසින් සිංහල නායකයින් සිරභාරයට ගත්තේය. ඒ අනුව සිරභාරයට ගනු ලැබූ ධර්මපාලතුමන් අවුරුදු 07ක් නිවාස අඩස්සියේ සිටි අතර එම කාලයද ආගමික කටයුතු සඳහා එතුමා යොදා ගත්තේය. 

එතුමන් නිරන්තරයෙන් පැවසූවේ තම ආගම, ජාතිය පිළිබඳ අභිමානය පිළිඹිඹු කරන වදන්ය. 
“සිංහල ජාතිය වෙනුවෙන් දිවි පුදන්නට මම සැරසී සිටිමි.”

“මගේරට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව කියා වටිනා රත්න හතරක් මට තියෙනවා. ඒ රත්න හතර ආරක්ෂා කර ගැනීම මගේ යුතුකමයි.”

“සිංහල බෞද්ධ දරුවනි, දිවි යතත් බොරුවක් නොකියන්නට අධිෂ්ඨාන කර ගනිමු.”

“දිවා රෑ දෙක්හී සිංහලයන් වීරීය කළොත් .......... වර්ෂයක් තුළ සිංහල ජාතිය දියුණු අඩියකට පමුණුවා ගත හැකිය. එබැවින් සිංහලයෙනි, වීරියෙන් කටයුතු කරව්.”

“සිංහලයන්ට විස මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි.”

“වරද දුටු තැන පෙන්වා දීම මගේ ගතියයි. මගේ අවවාද පිළිගැනීමට අසතුටු නම් ඒ බව දැන් වූ විට මට වෙන රටකට ගොස් සිටිය හැකිය” 

1931 වර්ෂයේදී ඉන්දියාවට ගිය අනගාරික ධර්මපාලතුමා එතුමාගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ වුණු මූලගන්ධි කුටි විහාරයේදී “සිරි දේවමිත්ත ධර්මපාල” නමින් පැවිදි වී, 1932 දී උපසම්පදාව ද ලැබීය. වැඩිකල් නොගොස් අසනීපයට පත් වූ උන්වහන්සේ 1933 අප්‍රේල් 29 වන දින අපවත් වූහ. ‘බුදුදහම ලෝකයේ ප්‍රචාරය කිරීම සඳහා තවත් 25 ස් වතාවක්වත් යළි උපදීවා’ යි එතුමා අවසානයේ ප්‍රාර්ථනා කළ බව සඳහන් වේ.

අද වන විට ලොව පුරා බෞද්ධ විහාරස්ථාන ස්ථාපිතව මෙන්ම බටහිර ජාතීන් පවා බුදු දහම කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ එදා ධර්මපාලතුමා දියත් කළ ශාසනික ධර්මදූත මෙහෙවර නිසාය.


http://hondaokkoma.com/paragethi%20balawega%20valata.htm

ඉන්දියාවට ධර්මාශෝක, ලංකාවට අනගාරික ධර්මපාල

ඉන්දියාවට ධර්මාශෝකයන් කෙබඳුද ලංකාවට අනගාරික ධර්මපාලතුමාගෙන් වූ ශාසන හා දේශමාමක සේවාවද එබඳුම වේ. අශෝකයන්ගේ ජීවිතයේ යම් කොටසක්‌ ප්‍රචණ්‌ඩතාවයෙන් ගෙවී ගිය නමුත් ධර්මපාලතුමාගේ ජීවිතය මුලසිට අග දක්‌වාම ආදර්ශවත් විය. ප්‍රන්‍යාවන්ත විය, අවිහිංසක විය. එනයින් බලනකළ ධර්මපාලයෝ සම්බුදු සසුන බැබළවීම අරභයා බොහෝ දේ කළ ඒ උදෙසා ස්‌වකීය ජීවිතයම කැපකළ මහා විරුවෙකි.

සෑම සත්ව්‍යාපාරයකම ජීවමාන කාලය කටුක අත්දැකීම්වලින් යුක්‌තය. ධර්මපාලතුමා දියත් කළ බොහෝ ශාසනික හා ජාතික ව්‍යාපාර හා ක්‍රියාකාරකම්වලටද එම නියතය බලපෑවේය. එතුමා ලංකාවේ එකල පාලකයන් වූ ඉංගී්‍රසි අධිරාජ්‍යවාදීන් විසින් සිංහල සංස්‌කෘතියටත් බෞද්ධ ශාසනයට හා බෞද්ධ ලබ්ධිතයන්ටත් කළ අනේක විධ නොපනත්කම්වලට නිර්දය ලෙස පහරදීම සංකර ධනපති පැලැන්තියේ ද්වේශයට ලක්‌විය. එතුමා දඹදිව බෞද්ධ සිද්ධස්‌ථාන පුනරුත්ථාපනයට, ආරක්‌ෂාවට හා අභිවෘද්ධියට කටයුතු කරත්දීද එලෙසම ඇතැමුන් කර්කශ විවේචනවලින්ද සාපරාධී අවලාදවලින්ද එතුමාව රිදවූයේ වරක්‌ දෙවරක්‌ නොවේ. එම දුර්දාන්ත ක්‍රියාකලාපවලින් එතුමා කොතරම් කලකිරීමට පත්වූයේද යත් තම මෘත දේහයවත් ලංකාවට නොගෙනා යුතු යයි තම හිතවතුන්ට පවසා දඹදිවට ගියේය. එහෙත් එතුමාගේ අභාවයෙන් පසු කාලයේදී නම් මෙරට කිසිදු ජන නායකයකුට නොදක්‌වන බුහුමනින් එතුමාගේ ශ්‍රී නාමය රැඳවීමට රට වැසියෝ නොපැකුලනහ. දිවයිනේ ප්‍රධාන නගර රාශියකම එතුමාගේ පිළිරූ ඉදිව ඇත. මාවත් නම්කර තිබේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලට පිටුපාමින් බෞද්ධ ගති සිරිත් නොතකමින් රට අසංස්‌කෘතික අගාධයට ඇද වැටෙත් වැටෙත්ම එතුමන්ගේ ගුණ, තෙද, බල මහිමයෙහි අගය වඩ වඩාත් රටට දැනෙන්නේය. ඒ හා සමානවම එතුමන්ගේ ක්‍රියාකාරකම්වල වටිනාකමද ඉහළ නගින්නේය. රටට දැයට හිතැති සියල්ලෝම එලෙස ඉහළට නැගෙන එතුමාගේ ගුණ කදම්භය ආරක්‌ෂා කොට දියුණුකොට අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් පවත්වාගෙන යාමට උත්සුක විය යුතුය. එතුමාට දැක්‌විය හැකි අව්‍යාජ උපහාරය වන්නේද එතුමා උගැන්වූද ජීවිතාදර්ශයෙන් සපථ කළ බෞද්ධාගාමික ජිවන රටාවට අපද හුරුවීමයි.

1864.09.17 වැනිදින දොන් කරෝලිස්‌ හේවාවිතාරණ සහ මල්ලිකා ධර්ම ගුණවර්ධන යුවලට ලද කුළුඳුල් පුත් රුවනට දොන් ඩේවිඩ් යන නම තැබිණ. රාජ අනුග්‍රහය නොඅඩුව ලද ක්‍රිස්‌තියානි පාසල් එකල කොළඹ ස්‌ථාපනය කොට තිබුණු අතර මෙම කුමරුවාගේ සිප් හල් වූයේද පිටකොටුවේ ශාන්ත මරියා විදුහලත් පසුව ක¹නේ ශාන්ත බෙනඩික්‌ විද්‍යාලයන්ය. එසේ වුවද නව වැනි වියට පත්වත්ම මාලිගාකන්ද විෙද්‍යාදය පිරිවෙනට ඇතුළුව පෙරදිග ශාස්‌ත්‍රාලෝකය ලබන්නට තරම් හේ පින්වත් වීය. මාපියන් වත් පොහොසත්කම් ඇත්තමුන් වූ නිසා ගල්කිස්‌සේ ශාන්ත තෝමස්‌ විදුහලෙන්ද, පසුව රාජකීය විදුහලෙන්ද ද්විතීය අධ්‍යාපනය ලැබීමට ඔහුට හැකිවිය.

කිසියම් යටත් විජිතයක්‌ යහතින් තම ආධිපත්‍යයට යටත් කර තබාගෙන හැකි පහසුම මග එම විජිතයේ පවතින ආගම්, සිරිත්විරිත් ඇදහිලි හා වටිනාකම් වනසා දැමීමය. ඉංගී්‍රසීහු ලක්‌දිව මුළුමණින්ම නතු කරගත් පසු ඉර හඳ පවතිනතාක්‌කල් එහි අධිපතිත්වය පවත්වා ගැනීමට උත්සුකවීමේ සෘජු ප්‍රතිඵලයක්‌ වූයේ සිරිලක සිංහලයා සමග බැඳී පවතින බුදුදහමත් සසුනත් ඒ හා බැඳුණු සංස්‌කෘතියත් වැනසීමට කෙමෙන් පියවර ගත්තෝය. ශාසනික ප්‍රවර්ධනය උදෙසා කුහුඹුවෙකුට පවා හිංසාවක්‌ නොකෙරෙන සම්බුදු සසුනට එල්ලවන තර්ජන හා අභියෝග පරාජය කිරීමට භික්‌ෂුන්වහන්සේලා පිරිසක්‌ නැගී සිටියහ. 1873 අගෝස්‌තු 12 වැනිදා පූජ්‍ය මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ නායකත්වයෙන් පානදුරේදී පැවති ආගම් වාදය එහි ප්‍රතිඵලයක්‌ විය. ඒ පිළිබඳ වාර්තාව කියෑවූ ඇමෙරිකන් ජාතික සෙන්පතියෙකුවූ ස්‌ටීල් ඕල්කට්‌ මැතිඳුන්ගේ ලංකා ගමනයද එහි ප්‍රතිඵලයක්‌ විය. බුදුදහමින් ඉස්‌මතු කළ සිත හා සත්‍යගාමී ප්‍රඥ මහිමය වැඩි දියුණු කිරීමේ උත්තම අභිලාශයෙන් 1889 දී පරම විඥනාරථ බෞද්ධ සමාගමේ උපතද තවත් ප්‍රතිඵලයක්‌ විය. ලැබූ විශිෂ්ට අධ්‍යාපනයෙන් උසස්‌ ප්‍රතිඵල නෙලා ගනිමින් ප්‍රභූ පෙළපතකට අයත් ප්‍රභූ තරුණයෙකු ලෙස වැජඹෙන්නට උවමනාවටත් වඩා සුදුසුකම් සපුරා තිබුණු ඩේවිඩ් තරුණයා තම ජිවිතය සිංහල ජාතියේ පුනර්ජීවනයටද, බෞද්ධ ශාසනයේ චිරස්‌තිථියටද පරාජිතව නිවටව සුද්දාගේ පාලනය අබියස දණින් වැටී සිටි සිංහලයාගේ අභිමානය උදෙසාද කැප කිරීමට තිර අදිටනකට එළඹියේ මෙම අවදියේදීය.

ඔහු තම පියා අමතමින් ලියූ ලිපියෙහි මෙසේ සඳහන් කළේය.

"... එහෙයින් ලෝකාභිවෘද්ධියට හිතැතිව වැඩ කිරීමට මෙම සමාගමට (පරම විඥනාර්ථ බෞද්ධ සමිතිය) බැඳී වැඩ කිරීමට අවසරය දෙන ලෙස මම ඉතා යටහත්ව අයෑදිමි. ගෞතම බුදු පියාණන් වහන්සේ බුද්ධ ඥනයෙන් පෙන්වා දී තිබෙන උතුම් මාර්ගයේ යමින් බුද්ධ ප්‍රතිපත්ති පූරණය කිරීමට ගිහි ජීවිතය අවහිරයක්‌ බැවින්, මම බ්‍රහ්මචාරීව ජීවත්වීමට හිතට ගතිමි... ඒ අනුව බ්‍රහ්මචාරීව ජීවත්වෙමින් තත් සමිතියේ දියුණුවට වැඩ කිරීමට ඉඩ දෙනමෙන් දොහොත්මුදුන්දී මම අයෑද සිටිමි." එතුමාගේ මෙම උතුම් අදිෂ්ඨානය මුදුන්පත් කිරීම සඳහා එකල දකුණු ලක පැවිදි පඬිරුවණක්‌ වූ පූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන්ගෙන් ලද සහාය ඉතා ප්‍රබලද වැදගත්ද විය.

එතුමා සිය නම අනගාරික ධර්මපාල නමින් වෙනස්‌ කළේය. ශ්‍රී සුමංගල නාහිමිපාණන්ගේ අනුසාසකත්වයෙන් හා ඕල්කට්‌ මැතිඳුන්ගේ නායකත්වයෙන් බෞද්ධ ජනතාවගේ නැතිවී ගිය උරුමයන් යළි ලබා ගැනීම උදෙසා දියත් කළ විවිධ කටයුතු ගඟට කපන ඉනි මෙන් නිරර්ථක වූයේ නොවීය. ඒ වනවිට පෙරහැර පැවැත්වීමට බෞද්ධයනට පනවා තිබූ තහනම ඉවත් කෙරිණි. ඉංගී්‍රසීන් උඩරට ගිවිසුමින් (1815) එකඟවු පරිදි ලංකාවේ විහාර දේවාලද ඊට ආවේනික පූජා විධිද යථාපරිදි පවත්වා ගෙන යාමට අවකාශ සැළසිණි. වෙසක්‌ පුන් පෝයදින රජයේ නිවාඩු දිනයක්‌ බවට ප්‍රකාශ කෙරිණ. බෞද්ධයන්ගේ විවාහ කටයුතු පල්ලියේදී මිෂනාරීන් විසින් සිදු විය යුතු පරිදි පනවා තිබූ රෙගුලාසි ඉවත් කෙරිණි. 1884 දී එංගලන්තයට ගිය ඕල්කට්‌තුමා, යටත් විජිතභාර මහ ලේකම්වරයා සමග සාකච්ඡාකොට ලබාගත් මෙම සහන එදා පීඩනයට පත්ව සිටි බෞද්ධ ජනතාවට ඉමහත් ආශ්වාදයක්‌ නොවූයේ නම් පුදුමයෙකි.

සිංහල බෞද්ධ ජන පදනමකින් යුත් ලංකාවේ එකී ජනතාවට අත්විඳින්නට වූ අනෙකවිධ පීඩාවන්ට එරෙහිව හඬ නැගීමටත් බෞද්ධ සංස්‌කෘතික අංගයන් ප්‍රචලිත කිරීමටත් ප්‍රබල අඩුවක්‌ වූයේ යෝග්‍ය ජනමාධ්‍යයක්‌ නොතිබීමය. එම අඩුව සපුරාලීමට ධර්මපාලතුමා 1886 දී "සඳරැස" නමින් පුවත්පතක්‌ ආරම්භ කළේය.

අනගාරික ධර්මපාල තුමාගේ ජීවන ගමන් මගට නව ජවයක්‌ ලැබුණේ 1890 දී එතුමා ඉන්දියාවට පය තැබූ පසුය. ගෞතම බුදුරජුන් ජීවමානව සිටි යුගයෙහි දඹදිව පැතිර තිබූ බුදුදහම අභිබවා හින්දු ඉස්‌ලාම් ආගම් ප්‍රචලිතව තිබූ අතර බෞද්ධ සිද්ධස්‌ථාන නටඹුන් ජරාවාස වී තිබෙනු සියෑසින් දුටු එතුමා බෞද්ධ සිද්ධස්‌ථාන හින්දු, ඉස්‌ලාම් ආධිපත්‍යයෙන් නිදහස්‌ කර ගැනීම උදෙසා "මහාබෝධි සමාගම" නමින් සංවිධානයක්‌ පිහිටුවා බරනැස, ඉසිපතනය, සාරානාථය, බුද්ධගයා යන සිද්ධස්‌ථානවල අයිතීන් නිරවුල් කොට ඒවායේ ආරක්‌ෂාවටත් අභිවෘද්ධියටත් පියවර ගනිමින් විහාරාරාම ඉදිකර ලක්‌දිවින් පැවිදි කණ්‌ඩායම් වැඩමවා එහි බුදු සසුන යළි පිහිටුවීමට ක්‍රියා කළේය. මෙම කටයුතුවලදී මොතිලාල් නේරු, ආචාර්ය රාජෙන්ද්‍ර ප්‍රසාද්, හොණලුලූ හිS මේරි පෝස්‌ටර් රොබින්සන් සහ රුසියානු ජාතික බ්ලැචට්‌ස්‌කි යන අයවලුන්ගෙන් ලද සහයෝගය හා අනුග්‍රහයන්ද කෘතවේදීව සිහිපත් කළ යුතුවේ. මේ සා උතුම් මෙහෙවරක්‌ එතුමන් අතින් ඉටු වෙත්දීත් සිරිලක ඇතැම් ප්‍රභූ පැලැන්තියේ උදවියද ඔවුන්ගේ ප්‍රචාරක යාන්ත්‍රණයන්ද නිරන්තරයෙන්ම එතුමාගේ සේවය අවතක්‌සේරු කරන්නට වූ බවද අමතක නොකළ යුතුය. එහෙත් අද වන විට දඹදිව වන්දනා චාරිකා සංවිධාන (ඔර්ඩැක aටැබජසැs) හැටහැත්තෑ ගණනක්‌ මගින් ශ්‍රී ලංකාවේ බෞද්ධ මැතිතුමන්ට තම ශාස්‌තෲවරයාණන්ගේ ජන්ම භූමිය හා ශාසනික සේවා සැපයූ උතුම් සිද්ධස්‌ථාන දැක වන්දනා කරමින් ආගමික වතාවතෙහි යෙදෙන්නට ඉඩකඩ ලබාදුන් ශ්‍රේෂ්ඨ නායකයා වූයේ අනගාරික ධර්මපාල තුමාය. එතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් පිහිටුවන ලද මහාබෝධි සමාගමය. ඒ අනුව බලන කල අනගාරික ධර්මපාලතුමා ගෙන් සිංහල බෞද්ධ ලෝකාභිවෘද්ධියට සැළසුණු උදාර මෙහෙවර දෙවැනි වනුයේ ඉන්දියාවේ ධර්මාශෝක මහරජතුමාගෙන් ඉටු වූ සේවාවට නොවේදැයි සිතා බැලිය යුතුවේ.

අනගාරික ධර්මපාලතුමා බුදුදහම පිරිසිඳ දැන සිටි බහුශ්‍රැතයෙකි. එහෙයින්ම ජගත් ආගමික සමුළුවලදී බොදු මතය ඉස්‌මතුවන පරිදීද, අන්‍ය ආගම්වලට නිගරුවක්‌ නොවන පරිදිද වියත් බසින් දේශනා පැවැත්වීමට හැකියාව තිබිණ. එමගින් බුදු දහමේ යශෝරාවය බුද්ධකාලීන යුගයේ තරමට නැතත් ආසියාවේ වන පුබුදුමකට මග පෑදීය. "සිංහල බෞද්ධයා" පත්‍රය පටන් ගැනීමත් මහාබෝධි මුද්‍රණාලය ක්‍රියාත්මකවීමත් එකී ක්‍රියාදාමයට මහත් පිටුබලයක්‌ විය. මෙම මාහැඟි ධර්ම ප්‍රචාරක කටයුතුවල මහිමයෙන් ඉන්දියාවේ විවිධ ස්‌ථානවලද විහාර වෘත්තීය පුහුණු ආයතන, පාසල්ද ජපානය, තායිලන්තය, බුරුමය, චීනය ඉන්දුනීසියාව ලන්ඩනය යන රටවලද පිහිටුවීමට උපකාරී විය.

බුදුදහමටත් සම්බුදු ශාසනයටත් බෞද්ධ ජනතාවගේ සාධාරණ උරුමයන්ටත් අනර්ථයක්‌ම වූයේ ලක්‌දිව ඉංගී්‍රසීන් විසින් යටත් කරගැනීම නිසාය. එහෙයින් එතුමා ඉංගී්‍රසි ජාතිකයා තම පරම සතුරා ලෙස දුටුවේය. ඒ සතුරු කම නොදැක ඔවුන් අබියස දණින් වැටුණු සිංහලයා තුළ අභිමානය ජනිත කරවීමට ඔහු ක්‍රියා කළ විධි ක්‍රම සම්බන්ධයෙන් අතැමෙකුට ප්‍රශ්න තිබිය හැකි වූවත් ඒවා ප්‍රතික්‍ෂෙප කිරීමට කිසිවකුටත් හැකි වූයේ නොවේ. එහෙයින් රටේ කොතැනක හෝ සිදුවන රාජ්‍ය විරෝධී හෝ වේවා, එසේ නොවුනා හෝ වේවා, ඒවායේ කෙළවරක හෝ මූලක අනගාරිකතුමා සිටිතැයි ඉංගී්‍රසිහු කල්පනා කළහ. 1915 දී ලංකාවේ සිදුවූ සිංහල මුස්‌ලිම් කලභයේදී එතුමා ගත කළේ ඉන්දියාවේය. එහෙත් මේ ප්‍රචණ්‌ඩ ක්‍රියා පිටුපස ඔහු සිටිතැයි කල්පනා කළ ඉංගී්‍රසීපාලකයෝ එතුමා කල්කටාවේ සිරමැදිරියක සිරකර තැබීමට පියවර ගත්තේය. එකී දඬුවම වසර 07 ක්‌ විය.

ජීවිතය පුරා සිල්වත්ව ගතකළ එතුමා 1931 ජුලි 13 වැනිදා ඉසිපතන මූලගන්ධිකුටි විහාරයේදී සිරි දේව මිත්ත ධම්මපාල නමින් පැවිදි බිමට පිවිසියේය. ඉන් දෙවසරකට පසු උපසම්පදාවටද පත්විය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව වසර 800 ක පමණ කාලයක්‌ ඉන්දියාවේ බෞද්ධයන්ට අහිමිව තිබූ බෞද්ධ සිද්ධස්‌ථාන යළිත් බෞද්ධයන්ගේ උරුමයට නතුකර දෙමින්ද බුදුදහම ලෝක පූජිත කිරීම අරභයා දිවිහිමියෙන් කටයුතු කරමින්ද වසර 56 ක තරම් කාලයක්‌ ජාත්‍යන්තර ශාසනික උත්තම මෙහෙවරක්‌ ඉටු කළ එතුමෝ 1933 අප්‍රේල් මස 29 දා බරණැස සාරානාත්හිදී එළඹගත් සිහියෙන් යුක්‌තව අපවත් වූහ. එවන් යුග පුරුෂයන් විසින් ඉතාමත් කැපවීමෙන් ආරක්‌ෂා කළ සම්බුදු ශාසනය සිය පන මෙන් රකිමින් එහි චිර ජීවනය උදෙසා කැපවීම තරම් අගනා උපහාරයක්‌ මෙදියත අපට තිබිය නොහැකිය.
බන්දුල මානවඩු‍ (දිවයින පුවත්පතෙන්)

The Ethics of Self Discipline.

Follow this link for the book


The Arya Dharma of Sakya Muni, Gautama Buddha. OR The Ethics of Self Discipline


by Anagarika Dharmapala

අනගාරික ධර්මපාල තුමා කරන ලද ප්‍රකාශයක්.

අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශයක්


මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. 
උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. 
උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා. 
දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා. 
උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා. 
එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. 
පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. 
උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න 
මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. 
අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. 
ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.

අනගාරික ධර්මපාල තුමා

ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණ ය. එහෙත් වීරෝදාර ශ්රේෂ්ඨයන්ගේ ප්රමාණය අල්පය. සැබවින්ම ඔවුන්ගේ සුලභකමක් වේ නම් විශේෂත්වයක් ද නැත. වර්තමාන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික, අධ්යාපනික ආදී විවිධ ක්ෂේත්රයන්හි ප්රබෝධයේ පුරෝගාමී වූයේ ශ්රී මත් අනගාරික ධර්මපාලතුමා ය. එතුමා සිය වස්තුවද, ජීවිතය ද ඒ සියල්ල වෙනුවෙන් කැප කරන්නට අධිෂ්ඨාන කර ගත්හ.

ධර්මපාලතුමා උපන්නේ අදට වඩා බෙහෙවින්ම වෙනස් වූ යුගයක ය. විදේශීය ආධිපත්යයෙන් රට ජාතිය, ආගම, සංස්කෘතිය, සභ්යත්වය දෙදරුම් කතු යුගයක පන්සල, පිරිවෙන, භික්ෂූන් වහන්සේ ජනතාවගෙන් ඈත් කරන්නට කටයුතු කළ අවධියක, විමුක්ති සටන් කුරිරු ලෙස වර්ධනය කරමින් දේශපේරමීන්ගේ ඉඩම් පවරා ගනිමින් ජනතාව අසරණ වී කරන ලද වකවානුවකදී ය. කොටින්ම කියතොත් සිංහලකම, බෞද්ධකම සහ මුලින්ම විනාශ කරමින් අධිරාජ්යවාදයෙන් මහා පීඩනයට පත් කාලයක ය. එබඳු අවස්ථාවක දේශපේර්මී ජාති හිතෛෂියකු හිස ඔසවා නැඟී සිටිමින් කටයුකු කරනවා යනු ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සැබවින්ම අප කථානායක අනගාරික ධර්මපාලතුමාට ගෙන යෑමට සිදු වූයේ බරපතල සටනකි.

කීර්තිමත් වෙළෙඳ ව්යාපාරිකයකු වූ බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ සමාජ සේවක මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළට 1864 සැප්තැම්බර් 17 දින උපන් මේ පින්වත් කුමරා ඩේවිඩ් යන නාමයෙන් හැදුණේ වැඩුණේ, පසු කළ එම අපර නාමයෙන් බැහැරව ධර්මපාල නාමයෙන් හැඳින්වෙමින් “ශ්රී මත් අනගාරික ධර්මපාල” නමින් ලෝකප්රකට ශ්රේෂ්ට නායකයා වූයේ ය.

පිටකොටුවේ ශාන්ත මේරි, කොටහේනේ ශාන්ත බෙඩනඩික්ට්, මෝදර ශාන්ත තෝමස් ආදී විදුහල් තුළින් අධ්යාපනය ලබමින් කිතු දහම පිළිබඳව මනා අවබෝධයක් ලැබීය. සෙනසුරාදා දිනයන්හි කොටහේනේ දීපදුත්තාරාමයට ගොස් වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද ඛ්ඹ්මිපාණන්ගේ ව්යක්ත දේශනවලට සවන් දෙමින් කිතු දහමත් බුදු දහමත් අතර වෙනස මැනවින් තේරුම් ගත්තේ ය.

පිටකොටුවේ පුස්තකාලයෙන් සිය දැනුම පුළුල් කර ගත් ඔහු අනුන්ට නොකළ හැකි දේ කරන්නට අනුන් නොයන මඟ යන්නට තැත් කළ එඩිතර තරුණයකු විය. ඉංගී්රසි භාෂාව ප්රගුණ කළ ඩේවිඩ්, රජයේ ලිපිකරුවකු බවට පත් ව කටයුතු කළේ ටික කලකින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය තකා කටයුතු කිරීමේ අවශ්යතාව සිය මවුපියනට ලියා යවමින් රැකියාව ද අත් හරිමින් ධර්මපාල යන නාමය ගනිමින් ලෝකසත්වයාගේ යහපත සඳහා සිය ජීවිතය කැප කළේ ය.

වර්ෂ 1880 මැයි 17 වන දින එතුමන්ට ජීවිතයේ වැදගත් දිනයක් වූයේ එතුමාගේ ගමන්මග හා දැඩිව බැඳුණු සෙන්පති ඕල්කට් තුමා හා බිලැට්මිස්කි මැතිනිය ගාලු වරායෙන් ලංකාවට සම්ප්රාප්ත වීමය.

ඕල්කට්තුමා බෞද්ධාගමික ප්රබෝධය පිණිස රටපුරා කළ සංචාරයේ දී ඔහුගේ ඉංගී්රසි කථා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යට ඉදිරිපත් වූයේ ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා ය.

බුද්ධගයා ශුද්ධ භූමිය හින්දුන් විසින් අත්පත් කොට බුදු රූ ඇතුළු බෞද්ධ වස්තූන්ට කළ හානිය, නිග්රහය ධර්මපාලතුමා තුළ සංවේගය උපදවන්නක් විය.

1891 මාර්තු 18 දින කල්කටාවට පැමිණි බුරුම බෞද්ධයන් බුද්ධගයාව බේරා ගැනීමට පොළඹවා ගනු පිණිස එතුමා බුරුමය බලා පිටත් විය. 1891 මැයි 31 විද්යෝදය පිරිවෙණේ බුද්ධ ගයා මහා බෝධි සමාගම ඇරඹුයේ බුද්ධගයාව බේරා ගැනීමේ ජාත්යන්තර උත්ඝෝෂණයක් ඇරැඹීමට ය. 1891 ජූලි 17 බුද්ධගයා ධර්මදූත සේවයේ නායකයා ලෙස ඉන්දියාවට ගොස් එහි බුද්ධගයා ජාත්යන්තර බෞද්ධ සාකච්ඡාවක් කැඳවීය. කල්කටා මහා බෝධි සමාගම ඇරැඹූ එතුමා 1891 මැයි මස මහාබෝධි සඟරාව, ඇරැඹීය. ලොව තවත් රටවල මහා බෝධි සමාගම් ද පිහිටුවීය. 1893 සැප්තැම්බර් මස චිකාගෝ නුවර ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිව කළ දේශනය අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීය. නොයෙක් රටවල සංචාරය කළ එතුමා ජපානයේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ පස්වසරක්ම එහි ධර්ම ප්රචාරයේ නියැලුණේ ය. ලක්දිව පුරා සංචාරය කරමින් සිංහල බෞද්ධයන් පුබුදු කළ එතුමා නිදා සිටි සිංහලයාගේ, බෞද්ධයාගේ ආත්ම ශක්ති අවදි කිරීම අතිශය වැදගත් කරුණක් විය. 1915 සිංහල මුස්ලිම් අරගලය නිසා වූ නොසන්සුන් වාතාවරණය ධර්මපාලතුමාගේ ධර්ම ප්රචාරක කටයුතු වලට බාධාවක් විය.

1906 ඇරැඹුණු “සිංහල බෞද්ධයා” පත්රය ද මෙකල නතර විය. 1915 ජූනි මාසයේ දී එතුමා කල්කටාවේ දී සිරභාරයට ගන්නා ලදී. 1922 දී යළි සිංහල බෞද්ධයා ඇරැඹුණු අතර, ලංකාවේ බෞද්ධයන් නගා සිටුවමින් ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික ප්රබෝධයට ඇප කැපවෙමින් පුරෝගාමී වූයේ ය. 1931 දී අවසන් වරට ලංකාවෙන් පිටවී ගිය එතුමා 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේ දී බෝරුක්හමුවේ සිරිරේවත හිමියන් වෙතින් සිරිදේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි බිමට පත්ව 1932 දී උපසම්පදාව ද ලැබීය. 1933 වන විට ශරීර ශක්තිය දුර්වල නමුත් බුද්ධගයාව බේරා ගැනීමේ කටයුතු පිළිබඳව කි්රයා කළේ ය. 1933 අපේර්ල් 29 දා මේ ශ්රේෂ්ඨ පුද්ගලයා මෙලොවින් තුරන්වූයේ තථාගත ධර්මය ලොව ප්රචලිත ඛ්ලම සඳහා මතු යළි උපදින්නෙමිය යන උත්තරීතර අදහස ද ඇතිව ය.

කල්කටාවේ අග්රවිනිශ්චකාර ශ්රීමත් මහ්මථනාථ මුඛර්ජි මහතා ධර්මපාල තුමාගේ ධර්ම ප්රචාර සේවාව ධර්මාශෝක රජුගේ ධර්ම ප්රචාර සේවයට පමණක් දෙවැනි යැයි සඳහන් කරයි.

සමාජය සකස් කරන්නට ධර්මපාල තුමා මුළු රටපුරාම ගියේ ය. “රහමෙර පානය කරන්න එපා ගෙරි මස් කන්න එපා” කියමින් රට පුරා යමින් ජන හදවත් අවදි කළ එතුමා “ගොන්තඩියා, වල් බූරුවා” වැනි ආමන්ත්රණ යෙදුවේ හුදෙක් මිනිසුන් ගැන කරුණාව නිසාම ය. යුරෝපීයයන්ට බියෙන් මුළුගැන්වුණු සිංහල ගැමියා තුළ තිබූ එම බිය තුරන් කිරීමට ධර්මපාල තුමා උපක්රමශීලීව කටයුතු කළේ ය. මත්පැන් පානයෙන් රට විනාශ වී යෑම ගැන රටවැසියන්ට දැඩි ලෙස අවවාද දුන් එතුමා සුරා යකාගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි හඬ නැංවීය.

අන්ධ ලෙස බටහිර අනුකරණය කිරීම ගැන සිංහලයන්ට දොස් පැවරූ එතුමා ජාතික සිරිත් විරිත් වල අගය පෙන්වාදුන්නේ ය. ඇඳුම්, පැළඳුම්, චාරිත්ර, වාරිත්ර, කෑම බීම මේ ආදී සෑම කරුණක් ගැනම පෙන්වා දුන්නේ ය. ජාතියක් ලෙස නැඟී සිටීමට අවශ්ය දේශීය කර්මාන්ත ව්යාපාර ගැන පැවසූ එතුමා විවිධ කර්මාන්ත පුහුණුව සඳහා සිංහලයන් ජපානයට පිටත් කරලීය. පේෂ කර්මාන්තය ආදී කර්මාන්ත ඇරැඹීමට එතුමා මුල් විය. ජාතික අර්ථකථනයක් ගොඩ නඟා නැගීමට එතුමා මහත් සේ දායක විය.

එතුමාගේ සටන අංශ රැසක් කරා පැතිර ගියේ ය. ආගමික අංශය එහිදී ඉහළින්ම කැපී පෙනිණි. අධ්යාපනය ලැබීමේ උවමනාව ජාතිකත්වය අධිරාජ්ය විරෝධී ආකල්ප ඒ අතර ප්රමුඛ විය. අදට වඩා බෙහෙවින් වෙනස් වූ යුගයක එතුමා තම අදහස් කි්රයාත්මක කරන්නට පුදුමාකාර ප්රයත්නයක් දැරී ය. දූරදර්ශී විචක්ෂණ නුවණින් කි්රයා කළ මේ උදාරතර ශ්රේෂ්ට සිංහලයා, නොවන්නට අද දඹදිව බෞද්ධ උරුමය ලොවටම අහිමි වනු නියත ය. ධර්මාපාපතුමාගේ මහත් වූ සේවය අගැයීමට එය පමණක් වුවද සෑහේ. සිංහල ජනතාවට, ශ්රී ලාංකික ජනතාවට පමණක් නොව ලෝක ජනතාවට අත්යුදාර මෙහෙයක් ඉටු කළ මෙම ශ්රී ලාංකික යුග පුරුෂයා ලෝක බෞද්ධ ජනතාවටම සේවය කළ ශ්රේෂ්ඨ පුද්ගලයකු ලෙස සැලකිය හැකි ය.



උපුටා ගැන්ම https://www.facebook.com/note.php?note_id=298819259611

මා ඇසුරු කළ ධර්මපාලතුමා

මේ රටේ ජාතික ආගමික සංස්කෘතික ප්රබෝධයෙහි ලා උත්කෘෂ්ඨ මෙහෙයක් කළ, පසු ගිය අඳුරු යුගයේ දී ලංකාවේ උපන් වීරයින් අතරින් අප විසින් උසස් කොට සලකනු ලබන තැනැත්තා නම් අනගාරික ධර්මපාලතුමාය. ධර්මපාලතුමා ගෙනගිය ව්යාපාරයේ හරය වටහා ගැනීමට නොහැකි ඇතැමෙක් ඔහු හුදු ආගමික නායකයෙකු වශයෙන් ද ඇතැම් විට පටු ජාති වාදියෙකු වශයෙන් ද සලකති. එහෙත් ඔහුගේ ව්යාපාරය හොඳ හැටි හැදෑරීමෙන්, ඔහු, පෘථුල ලෙස සිතූ විශිෂ්ට අරමුණක් මුදුන් පත් කොට ගැනීමට දැඩි අධිෂ්ඨානයකින් යුතුව සේවය කළ උත්තරීතර මනුෂ්යයෙකු වශයෙන් සලකන්නට සිදුවෙයි. වරින් වර යටපත් ව පැවැති සත්ය ඉස්මතු කොට දැක්වීමට පෙර දිග පහළ වූ මුනිවරයන් මෙන් ධර්මපාලතුමාද සත්ය මතු කිරීමෙහි නිරත වූවෙකි. මිනිසුන්ට පහසුවෙන් වටහා ගතහැකි ඔවුන්ගේ ජීවිතයට කා වැදී පවතින සංස්කෘතියෙහි ඇතැම් අංග ඔහු ඒ සඳහා උපයෝගී කොට ගත්තේය. සත්ය සෙවීමෙහි නිරත වූ මනුෂ්යයන් තුල අවශ්යයෙන්ම පැවැති අවංක බව, සෘජු බව, නිර්භීත කම, ආත්ම පරිත්යාගය යනාදී ගුණ ධර්මපාලතුමා කෙරෙහිද විද්යමාන විය.

ධර්මපාලතුමා උපන් යුගය සංස්කෘතික, ආර්ථික යන දෙයාකාරයෙන්ම සිංහලයා පිරිහී තිබුණු කාලයක් විය. සිංහල භාෂාව, සිංහල සිරිත් විරිත් වලින් පිරිහුණු මෙ රට ජනයා ආගමික අදහස් වලින් ද තොරව අමුතුම පහත් ස්වභාවයකට වැටී සිටියෝ ය. ධර්මපාල තුමා ජනතාව ඉදිරියට පැමිණ “සිංහලයිනි නැගිටිව්” යන හඬ වේගයෙන් පැතිර වූයේ එවැනි අවදියක දීය. එදා සිංහලයන් මෙන් පෙනී සිටියේ සාමාන්ය ගම්බද ජනයා පමණකි. නගර වාසී උසස් ගැහැණු - පිරිමි සෑම දෙනෙක්ම ඉංග්රීසි වේසාරූඪව, සිංහල භාෂාව චාරිත්ර වාරිත්ර හෙලා දකිමින් නම් ගම් පවා වෙනස් කර ගත් නමුත්, සමේ පාට වෙනස් කර ගැනීමට නොහැකිව සෝක වෙමින් සිටියෝය. ධර්මපාලතුමාගේ දේශනය එ වැනි අයට කස පහරක් මෙන් විය. විදේශීය සිරිත් විරිත් වලට පහර ගසන අතර සිංහලයන් තුළ පැවැති ඇතැම් දුර්වල, ජාතිය ප්රපාතයට හෙළන සිරිත් විරිත් වලට ද පහර ගැසීය.

වර්තමාන සිංහලයාට ගැඹුරු ඥානයක් නැත. සුද්දා අඳින වස්ත්ර ඇඳීම, සුද්දා කන ආහාර අනුභව කිරීම, සුද්දා බොන මද්ය පානය කරන්නට පමණක් සිංහලයාට ශක්තිය තිබේ සිංහලයාට ප්රඥාව තිබේ නම් සිංහල ජනකාය මේ තරම් පහත බසින්නේ නැතැ” යි එතුමා කීය.

එතුමා සිංහලයින්ට ජාතියක් මෙන් නැගී සිටීමට අවවාද කළේය. එකල සුද්දන්ට දෙවිවරුන්ට මෙන් උසස් අය සැලකූ අතර සාමාන්ය ජනයා ඔවුන් දුටු තරමින් බිය වූහ. “සුදු පඹයින් ගේ ඉදිරිපිට පිහිටුවා තම දරුවන් ලවා සෑම උදයකම පහර දීමට නියම කළේ අනාගත පරපුර නිර්භීත ජාතියක් කරවා සුද්දන්ට පහර දී මෙ රටින් ඔවුන් එලවා දමා රට නිවහල් කර ගැනීමට උසස් පහත් සෑම දෙනෙක් ම පෙළඹීමට ය” යි දිනක් එතුමා මා සමඟ කීය.

එවකට රටෙහි පැවැති ආර්ථික පිරිහීම දුටු එතුමා “සිංහලයිනි, ශාස්ත්ර ශිල්ප, වෙළඳාම, ගොවිකම ඉගෙනීමට වීර්යය වඩව්” ය යි හඬ ගෑවේය. “මේ රටේ සුද්දා අපට විස පොවන්න උත්සාහ කරනවා විනා ශාස්ත්ර ශිල්ප විද්යා කර්මාන්ත උගන්වන්නේ නැත. පාදිලි රාළලාට ඕනෑ කරන්නේ සුද්දාගේ වෙළඳාම දියුණු කරන්නයි. ශිල්ප කර්මාන්ත ඉගෙනීමට දැඩි වීර්ය කටයුතුයි. දැනට ලංකාවේ දිසාපාමොක් ආචාර්යවරු ද ශිල්ප ශාලා ද නැත. ඒ නිසා ශිල්ප ශාලා තිබෙන රටවලට පැමිණ ශිල්ප කර්මාන්ත ඉගෙන ගත යුතුයි. ශිල්ප කර්මාන්ත විද්යා දත් ජාතීන් ගේ වර්ධනය අපට පෙනෙන්ට තිබේ. සිංහලයා පමණක් ගුරු ආශ්රය නැතිව, ශිල්ප කර්මාන්තයක් නො දැන, කුල පරම්පරා ධර්මයක් නැතුව අහසින් වැටුණු සතෙකු මෙන්, අන්ය ජාතීන් කරන කියනදේ කරමින් ග්රාම සූකරයන් මෙන් යුරෝපීය කාම සැපයට පමණක් ආසාවෙන්, අත තිබෙන ධනය අනර්ථ දායක අන්දමට වියදම් කොට, දෙ ලොව ම ප්රයෝජන නැතුව තිරිසනෙකු මෙන් මැරී යන්නේය. රටක් ජාතියක් දියුණු කර ගැනීමට මාර්ග අනන්තයි. ශාස්ත්ර ශිල්ප කර්මාන්ත විද්යා ඉගෙන ගෙන ජාතිය දියුණු කිරීමට හිතැති සිංහලයන් දස දෙනෙක් සිටිනවා නම් දස වර්ෂයකින් සිංහල ජාතිය නැවතත් ශ්රේෂ්ඨ මනුෂ්ය වර්ගයක් කළ හැකි මය” යි එතුමා ප්රකාශ කළේය.

එවකට රටෙහි පැවැති අධ්යාපන තත්වය බෙහෙවින් පහත් විය. මිෂනාරීන්ගේ හිතූ® මනාපයට අධ්යාපන ක්රමය සකස් කෙරුණේය. ආර්ථික, සංස්කෘතික දියුණුව එහෙමපිටින්ම ඇන හිටුවා සුද්දන්ගේ වහලුන් නිර්මාණය කිරීම ඔවුන්ගේ අධ්යාපනයේ පරමාර්ථය විය.

”ලාංකික සිංහලයන් ස්වකීය ජන්ම භාෂාව ඉගෙන නොගෙන ඉංග්රීසි පමණක් ඉගෙන ගැනීම ජාතිය නැති කිරීමට කරන උපක්රමයකි. සිංහල පාලි භාෂා දෙක හොඳින් ඉගෙන ඉංග්රීසි ඉගෙනීම කළොත් පහසුයි. සිංහල කිසිත් නොදැන ඉංග්රීසි ටිකක් ඉගෙන ගත් කල ව්යාකරණ අනුව ඉංග්ර්රීසි නොලියා අන්ඩර දෙමළ මෙන් ඉංග්රීසීන්ට නො තේරෙන භාෂාවක් ඉගෙන ගැනේ. දැනට හැදෙන බොහෝ තරුණයින් කථා කරන ඉංග්රීසි අශෝභනයි. මේ රටේ විශ්වවිද්යාලයක් නො මැත්තෙන් ශ්රේෂ්ඨ ගාම්භීර ඉගෙනීමක් ලබා ගන්නට අමාරුයි. සිංහල තරුණයන් කල්කටාවට, මදුරාසියට පැමිණ ඒ ඒ විශ්ව විද්යාලයන්හි ඉගෙන සාමාර්ථයන් විය යුතුය. ලංකාවේ පාදිලි රාළලාට බාරදෙන සිංහල බෞද්ධ දරුවෝ ඉංග්රීසි ටිකක් පමණක් ඉගෙන ගෙන පුරාණ චාරිත්රාදිය මතක නැති කර දමා අවජාත සිංහල කොටසක් වෙති. ගම්බද පාඨශාලාවල ශිෂ්යයින් ගේ තත්වය දුක්ඛදායක යි. හැම පාඨශාලාවේම ශිෂ්යයන්ට යම්කිසි හස්ත කර්මාන්තයක් ඉගැන්විය යුතුයි. රටට ප්රේම කරව්, ආගම දියුණුවට ක්රියා කරව්, එකගව ක්රියා කරව් යනාදිය ගුරුවරුන් විසින් දිනක් පාසාම ශිෂ්යයන්ට ඉගැන්විය යුතුය” යි එතුමා කීය.

සිංහල ජාතිය දියුණු කරන්නට අමාරු යහපත් ගුරු ආශ්රයක් නැති නිසාය යි ධර්මපාලතුමා කීප වරක් ප්රකාශ කළේය. මේ රටේ භික්ෂූන් වහන්සේ මොලේ ඇතිව වැඩ කටයුතු කළොත් මෙ රටේ සංස්කෘතික දියුණුවක් ඇති කිරීම පහසුයයි එතුමා අදහස් කෙළේය. භික්ෂූන් වහන්සේලා කෙරෙහි පැවති දුර්වලකම් එතුමාගේ නිර්දය ප්රහාරයට ලක්විය.

නා නා රටවල නානා ජනපදවල සංචාරය කොට නා නා භාෂා ඉගෙන, නා නා ශාස්ත්ර පුහුණු කොට ලෝකයාට ප්රයෝජන වීම පිණිස පරාර්ථය සඳහා වැඩ කරන සිල්වත් සත් පුරුෂ භික්ෂූන් පස් නමක් සමාදානයෙන් එකී භාවයෙන් සාමාග්රියෙන් එක හිතින් එක තැනකට වී අනුකම්පාවෙන් ලෝක ශාසනාභිවෘද්ධිය සඳහා ක්රියා කරනු ලැබේ නම් ලංකා බුද්ධාගම බැබළෙන්නේය. වස්තු කාම, ක්ලේශ කාම දෙක දියුණුවට ක්රියා නොකොට සිංහල ජනකාය මුදවා ගැනීමට සියලුම භික්ෂුන් වහන්සේලා ගේ පා වැඳ ඉල්ලමි. “දැන ගත යුතු කරුණු” වලින් උපුටා දැක්වූ මෙම පාඨවලින් ධර්මපාලතුමා තුළ මෙරට භික්ෂූන් වහන්සේ ගැන පැවැති අදහස් අදට ද එයාකාරයෙන් ගැලපෙන බව පැහැදිලිය.

ධර්මපාලතුමා මට සම්භ වූයේ මා ඉතා බාලකාලයේ දීය. 1915 යුද්ධ නීතිය යටතේ මෙරට සිටි බොහෝ දේශප්රේමීහු සුද්දන් ගේ තුවක්කුවලට බිලි වූ අතර තවත් බොහෝ දෙනක් බන්ධනාගාර ගත වීමෙන් පසුව නිදහස් වුවද බොහෝ දුරට පසු බැස දුර්වලව සුදු ආණ්ඩුවේ ගැත්තන් බවට පත්වූහ. ලංකාවේ පැවති මේ අරගලය නිසාම කල්කටාවේ සිය කාමරයේ සිර කාරයෙක්ව සිටි ධර්මපාලතුමා 1922 දී ලංකාවට පැමිණියේය. ඒ කාලය වන විට ධර්මපාලතුමාගේද ඉහත පැවති එඩිතරකම් තරමක් දුරට පහළ බැස තිබුණේ ය. කෙසේ හෝ වේවා ඔහු තුළ පැවති ආනුභාව සම්පන්න තාවය ඒ වන තුරුත් එසේම පැවැත්තේය. ධර්මපාලතුමා දකින විට මට අවුරුදු දහසයකට වඩා වයස නැතැයි සිතමි. ධර්මපාලතුමා කෙරෙහි එකල මා තුළ පැවතියේ අචල භක්තියකි. මම එතුමාට ලියුමක් යැව්වෙමි. මගේ ලියුමට එතුමා උත්තරයක් එවා තිබුණේ ය. වහාම එතුමා සම්භ වීමට කොල්ලුපිටියේ එතුමාගේ නිවසට පැමිණෙන ලෙස දන්වා තිබුණා මට මතකය. කොළඹ හෝ කොල්ලුපිටිය ගැන කිසිවක් නො දත් මම කෙසේ හෝ එතුමාගේ නිවසට ලඟා වූයෙමි.

එවේලේදි එහි සිටි එතුමාගේ මව් තුමිය මට වාඩිවීමට සලසා බුලත් වට්ටියක් ද මා ලගින් තබා මගේ පැමිණීම ධර්මපාලතුමාට දැන්වූවා ය. වැඩි වේලාවක් ගත නො වීය. ධර්මපාලතුමා පැමිණ ඉදිරිපිට තිබුණු කුඩා මේසයක වැනි බංකුවක් මත පිලිමයක් තැබුවාක් මෙන් වාඩි ගත්තේය. එහි තේරුම පද්මාසනාකාරයෙන් බද්ධ පර්යංකව කෙළින් වාඩි ගැනීමයි. එතුමාගේ රන්වන් ශරීරයත් ඊටම ඔබින කහ පැහැවත් ඇඳුමත් මගේ හිත තදින් ඇද ගත්තේය. එහි වාඩි ගත් වහාම මා ළඟ තිබුණු බුලත් වට්ටිය දුටු එතුමා එය එතනින් වහාම පිට කරන ලෙස නියම කළේ එය පිළිගැන්වීම ගැන තම තද අප්රසාදය පළ කරමින්ය. එය පිළිගැන්වූයේ කවරෙකු විසින් දැයි විමසීය. මම එහි ලඟම සිටි එතුමාගේ මව පෙන්වීමි. ඈ එතුමාගේ මව බව මම නො දැන සිටියෙමි. “අම්මලා තමයි මේ පුංචි හාමුදුරුවරු පවා බුලත් වට්ටි පූජා කොට නරක් කරන්නේ” කීමෙන් ඇය ධර්මපාලතුමාගේ මව් බව දැන ගතිමි. ඕ තොමෝ කරුණාවන්ත සිනහවක් පහළ කොට බුලත් වට්ටිය එතනින් ඉවත් කළා ය. මා ආචාර්යපාදයන් ගෙන් අවසර ලබාගෙන ආවේදැයි එතුමා පළමු කොට මගෙන් ප්රශ්න කළේය. එසේ නොකොට රහසින් පැමිණි බව මම කීවෙමි. එතුමා ඒ ගැන මට බැණ වැදීමට පටන් ගත්තේය. මම නිශ්ශබ්දව වාඩි ගෙන සිට ඉවසුම් නැති තැන “සිදුහත් කුමරු රාජ මාලිගයෙන් පැන ගියේ එතුමාගේ පියාගේ අවසරය ඇතුව දැ” යි ඇසුවෙමි. මේ කථාවට සිනහවක් පහළ කළ ධර්මපාලතුමා තව කිසිත් නො කියා භික්ෂූන් වහන්සේලා සම්බන්ධව දීර්ඝ විවේචනයක් කරන අතර කාල වේලා ගත වූයෙන් මට එහිදීම දානය වළඳා යාමට කීයේ ය.

එතුමාගේ මව් තුමිය මා ළඟින් ම වාඩි වී දානය වළඳවන අතර මගේ පැමිණීම ගැන අසා දඹදිව යාමට මා තුළ ඇති ආසාව දැන ගෙන එ පවත් ධර්මපාල තුමන්ට දැන්වූවා ය. මවගේ කැමැත්ත අනුව ධර්මපාල තුමා මා දඹදිව යැවීමට කැමැත්ත ප්රකාශ කළෙන් මා තුළ ඇතිවූ ප්රීතිය කිය නො හැකි තරම් විය. එදා ධර්මපාල මව් තුමිය මා කෙරෙහි දැක් වූ කරුණාවන්ත, ආදරයත් මට කිසි කලෙක අමතක නොවන්නකි. මම කලක් ධර්මපාලතුමා ආශ්රය කෙළෙමි. එතුමා තුළ උසස් ගති ගුණ මෙන් ම යම් යම් දුර්වළ කම් ද පැවති බව ඇත්තකි. එහෙත් එතුමා ගේ අනුශාසනා මා හිත තදින් පුබුදු කළේය. දිනපතා වෛතාලයෙන් ම මල් පිළියෙල කරගෙන ධර්මපාලතුමාට අත ගස්වා පූජා කිරීම මා කල්කටා මහා බෝධි මන්දිරයේ සිටි දිනවල මට නියම ව තිබුණේ ය. එසේ වූයේ එකල මහා බෝධි මන්දිරයේ සිටි කුඩාම නම නිසා යයි සිතමි. ඒ කටයුත්ත මගේ ජීවිත මාවත හැඩ ගැස් වූ බව කිව යුතුය. දිනපතා මල් අත ගැස්වීමට ගිය මට එතුමා කළ දේශනය වැදගත් ය. අපේ රට සුද්දන් ගෙන් නිදහස් කර ගැනීමට තමුන්නාන්සේලා මහජනයාට අනුශාසනා කළ යුතුය. සෑම විටම කෙළින් නිර්භීත ව සිටිය යුතුය. කිසිම කෙනෙකුට අයුක්තියට යටත් නො විය යුතුය” ආදිය දිනපතා ලැබුණු අවවාද වේ.

1923 දී නැත්නම් 1924 දී ඉන්දියාවට පැමිණි වේල්ස් කුමාරයා පිළිගැනීමේ සිද්ධිය වැදගත් වූවකි. එහි දී කුමාරයාට පිරිත් දෙසීමට බෞද්ධ භික්ෂූන් වහන්සේලා යැවීම පිණිස ආරාධනයක් මහා බෝධි සමාගමට ලැබුණේ ය. ඒ බව ඇසූ එකල කල්කටාවේ සිටි ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිනා ගියේ රාජ කුමාරයා දැක ගැනීමේ ප්රීතිය උන්වහන්සේලාට ඉබේම ලැබෙන නිසාය. ධර්මපාලතුමාගේ ඉල්ලීම නිසා එකල කලිකතා නගරයේ සිටි සියලුම ලාංකික භික්ෂූන් වහන්සේලා වේල්ස් කුමරුට ආසිරි පැතීමට ගිය නමුත් මම ඊට විරුද්ධව ඉන්දියානු ජනයා සමඟ වේල්ස් කුමාර උත්සවය වර්ජනය කෙළෙමි. මේ ගැන ධර්මපාල තුමා තුළ ඇති වූ ප්රීතිය අපමණ බව එතුමාගේ මුවින් පිට විය.

පසු කාලයේදී ඉන්දියාවේ බෞද්ධ කටයුතු පැතිර යෑමත් සමගම ධර්මපාලතුමාගේ අධිරාජ්ය විරෝධී ක්රියා පටිපාටිය සිසිල් ව ගියේය. එහෙත් එතුමා අධිරාජ්යවාදීන්ට කිසි කලෙක ආසිරි පැතීමට ගියේ නැත. ඔහු ඉන්දියාවේ පැවැති අධිරාජ්ය විරෝධී සටනට නිතර ශුභ පැතුවේ ය. බොහෝ විට ආධාර කළ බව ද දනිමි. ධර්මපාලතුමා අයුක්තියට පහර දීමට කිසි කලෙක පසුබට නො වීය.ඔහුගේ පහර හී සැරයක් මෙන් වේගයෙන් කා වදින්නකි. එතුමා තුළ පැවැති අවංක කම හා සෘජු ගතිය ඊට හේතු විය.

ධර්මපාලතුමා ගෙන ගිය ව්යාපාරයේ හරය එදත් අපේ සිංහලයන්ට වටහා ගත නොහැකි විය. අපේ බොහෝ දෙන ධර්මපාලතුමාගේ වැඩ කටයුතු අවඥාවට ලක්කොට කථා කළහ. මේ සම්බන්ධයෙන් එතුමා තුළ බලවත් කලකිරීමක්, චිත්ත සන්තාපයක් හට ගත්තාට සැකයක් නැත. එතුමා රට හැරයාමට අදහස් කළේය. “වරද දුටු තැන වරද කියා දීම මගේ ධර්මතාවකි. එසේම ම විසින් ප්රේම සිතින් දෙන අවවාද පිළිගැනීමට සිංහල බෞද්ධයන් විරුද්ධ බැවින් අවවාද කිරීමට මගේ කාලය ගත කිරීම අප්රයෝජන බව මට පෙනේ. පසුගිය තුන් මාසය තුළ දීම දිනෙන් දිනම මධ්යම යාමය පසු වී දෙ පැයක් ගිය තැන නින්දෙන් නැගිට එතැන් පටන් සිංහල බෞද්ධයන් උදෙසා ධර්මාවවාද වාක්ය ලිවීමට කාලය ගත කළෙමි. අවවාද වචන ශ්රවණය කරන්නට කන් යොමු නො කරණ ක්රෝධ සිතින් ක්රියා කරන මනුෂ්ය සමුහයා අතර නතර වීම සමාධි භාවනා කිරීමට හේතු නොවන්නේය. මපියානන් විසින් මට දී තිබෙන දායාදය බුදු සසුන දියුණුව සඳහා වියදම් කිරීමට මගේ සහෝදරයන්ට භාර කෙළෙමි. සමාධි භාවනාව කිරීමට යෝග්ය ස්ථානයක් ලංකාවේ සොයා ගැනීම දුර්ලභයි. මෛත්රී කරුණා ඇති සත් පුරුෂයන් දෙදෙනෙකුවත් ආශ්රය කිරීමට නැති බැවින් සංවේගයෙන් සිටිමි. ලබන මාසයේ දී පමණ ලංකා භූමිය අත් හැර බුදු පසේ බුදු මහ රහතුන්ට ද චක්ර වර්ති රජ දරුවන්ට ද සැප දෙන මධ්ය මණ්ඩලය දිශාභිමුඛ ව ගමන් කරන්නෙමි.”



(ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල කෘතියෙනි.)
පණ්ඩිත ගණේගම සරණංකර නා හිමි